Latestවිදේශීය

අද්භූත යානාවක් නිසා ඉන්දීය ගුවන් ගමන් නවතී

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය.

ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව පැවැසෙන්නේ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවා ගැනීමට ගුවන් බලධාරීන්ට සිදුවුණු බවත්, ගුවන්තොටුපොළට ආ මගී ගුවන් යානා දෙකක් කොල්කොටා සහ ගුවහාතී ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *