දිල්ෂාන් මධුසංඛ ලෝක ශුරතා කණ්ඩායමට
ඊයේ අවසන් වූ ICC ලෝක ශූරතාවලියේ ශූරතාවලි කණ්ඩායමට රටවල් පහක ක්‍රීඩකයන් ඇතුළත් කර තිබෙනවා .
අවසන් පූර්ව තරග වලට සහභාගි වූ දකුණු අප්‍රිකාව , ඉන්දියාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට අමතරව මෙම කන්ඩායමේ සිටින එකම බාහිර ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා කාන්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංක පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතාවලියෙන් ඉවත් වන විට ඔහු කඩුලු විසි එකක් ලබාගෙන තිබුණා.
ලෝක ශුරතා කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස් දෙනා වන්නේ ක්වන්ටන් ඩි නොක් , රෝහිත් ශර්මා , විරාත් කෝලි , ඩැරල් මිචෙල්, කේ එල් රාහුල් , ග්ලෙන් මැක්ස්වෙල්, රවීන්ද්‍ර ජඩේජා , ජස්ප්‍රිට් බුම්රා , දිල්ෂාන් මධුසංඛ , ඇඩම් සම්පා සහ මොහොමඩ් ෂාමි යන ක්‍ර්‍රීඩකයින්ය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

