Latestදේශීය

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතවේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන බවත් ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවත් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතවේ.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි දා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *