Latestනවතම ලිපිවිදේශීය

උසම ‌ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුද පතුළෙන් හමුවේ

ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමු වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුහුදු පතුළෙන් හමු වී ඇති එම කන්දේ උස අඩි 5,249ක් ලෙස වාර්තා කර තිබේ.

සාගර පර්යේෂණ ආයතන ආයතනයක් වන ෂ්මිත් හි විද්‍යාඥයන් පිරිසක් විසින් නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරමින් සිටින අතරතුර මෙම සොයා ගැනීම සිදු කර ඇති අතර එය සොයා ගෙන ඇත්තේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ගෝතමාලාවට ඔබ්බෙන් සාගර පතුළ තුළදීය.

මෙම සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සාගර පතුළ ගවේෂණය කරන්නේ ෆොල්කෝර් නමැති නැවේ ආධාරයෙනි. පසුගිය මාස 06ක කාලයේ විද්‍යාඥයන් මෙම නැව ආධාරයෙන් සාගරය ගවේෂණය කරමින් නව සොයා ගැනීම් 09ක් ගැන වාර්තා කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *