Latestදේශීයනවතම ලිපිවිදේශීය

නරේන්ද්‍ර මෝදි, අදානි, රනිල් සහ රටේ ඉරණම

මේ වනවිට සති දෙකක් තිස්සේ කම්කරුවෝ 41 දෙනෙකු සිර කරමින් කඩා වැටුණු උත්තර්කාෂි උමඟ ඉදිකරන්නේ ලොව පුරා විවිධ ව්‍යාපෘති තත්වයෙන් බාල මෙන්ම පරිසර විනාශකාරී ලෙස සිදු කිරීම් හේතුවෙන් ජනතා විරෝධයන්ට මෙන්ම විවිධ රටවල්වලින් ප්‍රතික්ෂේප වූ, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉතා කිට්ටුවන්තයෙකු වන ගෞතම් අදානි විසින් යැයි මේ වනවිට වාර්තා පලවෙමින් තිබේ.

මෙම උමඟෙහි කටයුතු සිදුකරණු ලබන Navayuga Engineering Pvt Ltd නම් සමාගම ගෞතම් අදානි විසින් 2020 දී හිමිකරගෙන ඇති ගෞතම් අදානිගේ පූර්ණ අනුබද්ධිත සමාගමක් බව ඉන්දිය මාධවේදීන් අනාවරණය කමින් පවතී.

මෙම නොවැම්බර් 12 වෙනිදා අලුයම 5.30ට පමණ නාය යාමෙන් උමඟේ කොටසක් කඩා වැටීමත් සමඟ ඉදිකිරීම් කම්කරුවන් ඉදිවෙමින් පවතින උමග තුළ මීටර් 260ක පමණ කොටසක සිරවී සිටින බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම උමං මාර්ගය නරේන්ද්‍ර මෝදි රජයේ චාර් දම් සර්ව කාලගුණ ප්‍රවේශ ව්‍යාපෘතියේ කොටසක් බවත් මේ වනවිට සති දෙකක් තිස්සේ සිරවී සිටින මෙම කම්කරුවන් 41 දෙනා වෙත ලඟාවීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට මේ දක්වා හැකි වී නොමැති බවත් සදහන්.

ලංකාවේ සූරිය විදුලි බලාගාර සහ වාරය ව්‍යෘපෘති ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහාද ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉතා කිට්ටුවන්තයෙකු වන ගෞතම් අදානිගේ “අදානි” සමාගමට ඉඩ කඩ විවර කර දී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *