Latestදේශීය

පිටිපන ලෙල්ලම කිහිප ‌දෙනෙක් භූක්ති විදිනවා – සිරිල් ගාමිණී පියතුමා

(යොහාන් භාසුර)

මීගමුව පිටිපන ලෙල්ලම අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලමින් අගරදගුරු හිමියන් අධිකරණය වෙත ගියේ එහි ආදායම පුළුල් ධීවර පිරිසකට හිමිකර දීමේ අදහසින් මිස පෞද්ගලිකව අයිතිකර ගැනීම සඳහා නොවන බවත් එම ධීවර මධ්‍යස්ථානය වසර ගණනාවක් සිට පිටිපන එක්සත් ධීවර සමිතිය යැයි කියගන්නා පුද්ගලයන් කීපදෙනෙක් පමණක් භුක්ති විදින බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(19) පස්වරුවේ පැවසූහ.

ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය වඩා විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු බව කියන ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙම සිද්ධිය පිළිබඳව ඇතැමුන් පවසන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ධීවර ප්‍රජාවගෙන් සහ මෙරට පොදු ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව ද සදඟන් කළහ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *