අධික රස්නය නිසා උපදෙස් මාලාවක්
දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැඩබිම්වල සිටියදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පවතින උණුසම් කාලගුණය හේතුවෙන් කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇදුම් භාවිත කරන ලෙසයි.
එසේම, අධික උණුසුම හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ද ඇති විය හැකිය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

