Latestදේශීය

පවිත්‍රාගේ මනාපය රනිල්ට

(එන්.පී. රාජදොරේ)

මීළඟ ජනාධිපතිවරණයේදී තරග කිරීමට සුදුසුම අපේක්‍ෂකයා වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුගේ ජයග්‍රහණයට සහය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් හැටියට ඉදිරි මාස දෙක තුළ තීරණයක් ගන්නා බව වන වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නීය.

රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමකදී අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තුව නියෝජනය කරන ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්, පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට සහභාගි වූහ.

ඉදිරියේදී කුමණ මැතිවරණයක් පැවැත්වුවත් රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් වන 69 ලක්‍ෂයක් ඡන්ද තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය නොමැතිව කිසිදු පක්‍ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නැතැයි ද ඇය පැවසුවාය.

ඉදිරියේදී පැවැත්වෙන මැයි දිනය තනි පක්‍ෂයක් හැටියට උත්කර්ෂවත් අන්දමින් සැමරීමට අවශ්‍ය කටයුතු සංවිධාන කර ඇතැයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *