කම්කරු දිනය දේශපාලනීකරණය නොකරනු – කොළඹ උද්ඝෝෂණය
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා “කම්කරු දිනය දේශපාලනීකරණය නොකරනු” යනුවෙන් නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (01) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පවත්වීය.
එහිදී අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ ලෝකයේ මැයි දිනය යනුවෙන් දිනයක් වෙන්කර ඇත්තේ තුන්සිය හැටපස් දවසේම තම උපරිමය කැපකරමින් මහන්සියෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් වුවත් ලංකාවේ එය දේශපාලකයන්ගේ දිනයක් බවට පත්කරගෙන ඇති බවයි.
දරුණු ආර්ථික අර්බුදයකින් රට ගොඩඑමින් සිටින මොහොතක වුවද දේශපාලකයන් මිලියන ගනනින් මුදල් වියදම් කරමින් තමන්ට පක්ෂපාතීත්වය දක්වන ජනතාවගේ ප්‍රමාණයන් පෙන්වන්නටත්, දේශපාලන පම්පෝරි ඇදබාන්නටත් කම්කරු දිනය උගසට ගෙන ඇති බව ද “ජන දුක හදුනන නායකත්වය, කම්කරුවා වෙනුවෙන් පෙරට” ආදී වැකි පෙරටුකොට ගනිමින් පෙළපාලි යමින් වැඩ කරන ජනතාව දේශපාලකයාගේ අතකොළුවක් බවට පත්ව කරගෙන ඇති බව ද මැයි දිනයේ දී සැබෑ ලෙස වැඩකරන ජනතාවගේ බලය පෙන්විය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියහ.
@ Repoter
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

