Latestදේශීය

NPP ජයග්‍රහණය ඉතා පහසු බව ජනතාව ඔප්පු කරමින් ඉන්නේ – ලාල් විජේනායක

ජාතික ජන බලවේගයට මැතිවරණවලින් ජයග්‍රහණය කිරීම ඉතාමත් පහසු කාර්යයක් බවත් අද එක් වන ජනතාව මෙන්ම අද විරුද්ධ වන ජනතාවද ඒකරාශී කර ගෙන ජනතා පාලනය ඉදිරියට ගෙන යාමේ සටන අත් නො හැර ඉදිරියටම යාමට අදිටන් කරගත යුතු යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක සඳහන් කර සිටියේ අද වෙන තුරු අවුරුදු 62ක පමණ කාලයක් තමන් සෑම මැයි දින රැලියකටම පාහේ සහභාගී වී ඇති නමුත් මෙවැනි, ජනතාව උනන්දුවෙන් සහ කැපවීමෙන් සහභාගී වන මැයි රැලියක් දැක නැති බවය. නිර්ධන පන්තිය සෑමදාම සටන් කළේ මිනිසුන් ලෙස ජීවත් වීමට ඇති තමන්ගෙ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට යැයිද ඔහු සඳහන් කරයි.

අද රටට අවශ්‍ය ඇත්තේ වෙනසක් බවත් එය එකම පන්තියක කණ්ඩායම් දෙකක් විටින් විට බලය ලබා ගැනීමක් නොව ප්‍රතිපත්තිමය වෙනසක් සහිත බලයක් පිහිටුවීම යැයිද ඔහු පෙන්වා දෙයි. ඒ බව අද වනවිට ජනතාව පිළිගෙන ඇති බව පෙනී යන්නේයැයිද ඔහු සඳහන් කරයි. පසුගිය අවුරුදු කිහිපය තුළ එම පණිවිඩය ජනතාව තුළට ගෙන යාමට ජාතික ජන බලවේගයට හැකි වී තිබෙන බවද ඔහු අවධාරණය කරයි.

මෙවැනි ඓතිහාසික ජන සහභාගිත්වයක් එක් රැස් කර ගැනීමට හැකි වී තිබෙන්නේ ජනතාව සමග කරුණු සාකච්ඡා කිරීමේ ප්‍රතිපළක් ලෙස යැයිද ඔහු පෙන්වා දෙයි. එමනිසා අද වනවිට ක්‍රම වෙනසක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන ඇතැයිද ඔහු පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *