Latestදේශීය

පාරම්පරික වෛද්‍ය වෘත්තිකයින් 51කට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 51 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්නේ පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන (NITM) ශ්‍රවණාගාරයේ දී පසුගියදා (30) සිදුකෙරිණි.

දිවයින පුරා සිටින පාරම්පරික සර්වාංග වෛද්‍ය වරුන් 13 දෙනෙකු, කැඩුම් බිඳුම් වෛද්‍ය වරුන් 30 දෙනෙකු, චර්ම රෝග වෛද්‍ය වරුන් 03 දෙනෙකු, ගෙඩි වන වෛද්‍යවරයකු හා දැවුම් පිළිසුම් වෛද්‍යවරයකු මෙන්ම  සර්ප විෂ වෛද්‍යවරුන් 03 දෙනෙකු සඳහා එහිදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම  සිදුවිය.

එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන,ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය අජිත් කුමර,දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග, ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුළත්මුදලි යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *