Latestදේශීය

මනූෂගේ ප්‍රකශයෙන් රනිල් තවත් අර්බුධයක

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ඇමති මනුෂ නානයක්කාර ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගත් මාතෘකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාරා වළල්ලක් වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ම බරපතළ සාකච්ඡාවකට ලක්වී ඇති බවත් තමන් විසින් ඔසවා තබන රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය මනුෂ නානයක්කාරගේ ප්‍රකාශය නිසා බිඳ වැටෙන බවත් පාලිත රජගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන, සාගල රත්නායක ඇතුළු පිරිසක් මත පළ කර ඇති බව වැඩි දුරටත් හෙළිවේ.

වාර්තාවන ආකාරයට මෙම මත බේදයට හේතු වී ඇත්තේ “රටේ සංවර්ධන ව්‍යාපෘති හැම එකම කඩාකප්පල් කරන්න පිටරටවලින් අල්ලස් අරගෙන, කර්මාන්ත ශාලාවලින් අල්ලස් අරගෙන ඒ සල්ලි තමයි පසුගිය දවස්වල එක මිටට අරකට මේකට කියා ගෙන වියදම් කළේ”. යනුවෙන් කර තිබෙන ප්‍රකාශයයි. මේ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය පිටරටවලින් හෝ කර්මාන්ත ශාලාවලින් අල්ලස් ලබා ගෙන ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩුවට නොහැකි මන්දැයි තම පාක්ෂිකයන් පවා ප්‍රශ්න කරන බව පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිස පෙන්වා දී ඇති බව වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *