Latestක්‍රීඩාදේශීය

ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ‌ඇ. ඩො. 30,000ක්

ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

කසකස්තානය පරදවමින් ආසියානු රග්බි i කොටසේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉකුත්දා සමත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කරන අඛණ්ඩ ප්‍රතිපත්තියට අනුකූලව මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ලබා ගැනීමට සම්බන්ධ වූ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුව විසින් තීරණය ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *