Latestදේශීය

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානයේ නොකැමැත්ත

(කැළුම් බණ්ඩාර)

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ.

එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී අතහැර දැමීම නිසා එම යෝජනාව පිළිබඳව ජපානය සලකා නොබලන බවත් එය සලකා බැලීමට නම් නව ව්‍යාපෘතියක් ලෙස නැවත ඉදිරිපත් කළ යුතු බවත් ජපානය පවසා ඇතැයි දැනගන්නට තිබේ.

නව ව්‍යාපෘතියක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවට ඇති ණය ගෙවීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳව ජපානය තීරණයක් ගැනීමට නියමිතය.

  මේ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත සෙසු ජපාන ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපාන රජය එකගතාව පළකර ඇති අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ද ඒ අතර වේ.

ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය මෙරටට පැමිණ කළ සාකච්ඡාවලදී එම ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කර තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *