වැඩ වර්ජනය හේතුවෙන් වි. විද්‍යාල පද්ධතිය ඇනහිටී
විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විසින් සිදු කරන වැඩ වර්ජනයක් හේතුවෙන් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම කටයුතු නතර වී ඇත.
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ සියලුම විශ්ව විද්‍යාල වල පැවැත්වීමට නියමිතව තිබූ විභාග දින නියමයක් නොමැතිව මේ වන විට කල් දමා ඇති බවයි.
එමෙන්ම විශ්ව විද්‍යාල රසායනාගාරවල ක්‍රියාත්මක වන රජයේ රෝහල් පරීක්ෂණ ඇතුළු සියලුම පරීක්ෂණ ද නතර වී ඇත.
සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මහතා පැවසු බවත් ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින බවද කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා කියා සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

