රනිල්ට වඩා රනිල් පාක්ෂික වූ ප්‍රසන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු පක්ෂය මේ වනවිට මුලින් පවත්වන මැතිවරණය පිළිබඳව සංවාදයක යෙදී සිටින අතර මේ වසරේ ජනාධිපතිවරණය පමණක් පවත්වන බව ප්‍රසන්න රණතුංග ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය තුළින් ප්‍රසන්න රණතුංග රාජපක්ෂලාට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂලා මේ වනවිටත් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි අවධාරණය කරමින් සිටීම මෙම ප්‍රහාරයට හේතුවී තිබේ.

මේ අතර ප්‍රසන්න රණතුංග මෑත කාලයේ දිගින් දිගිටම විවිධ ආකාරවලින් රාජපක්ෂලාට එරෙහිව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රහාර එල්ල කරන ප්‍රමුඛතමයා වී සිටී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

