වෙල්ගමටත් මාස 3ක නිවාඩුවක්
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව (7) අනුමත කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදෙන්නැයිවූ යෝජනාව ඉදිරිපත් කළේය.
වෙල්ගම මහතා අසනීප තත්වයේ පසුවන හෙයින් ඔහුට මෙසේ නිවාඩුවක් ලබාදීම අනුමත කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට ප්‍රථම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාට ද මෙලෙස මාස 3ක නිවාඩුවක් ලබාදෙන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

