අදියර 4ක් ඔස්සේ වාහන ආනයනයට පියවර -රංජිත් සියඹලාපිටිය
අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග ඊයේ (08) මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට ඒක්වෙමිණි.
රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි.
සියලු වාහන ආනයනය කිරීම එක් වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ආනයනකරුවන් එහි දී කියා සිටියේ. පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටසින් කොටස ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බව එහි දී අවධාරණය කෙරිණි. බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටුලුකාරී තත්ත්වයන් පිළිබඳ ද මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

