තව අවුරුදු 2ක් ඡන්ද එපා කියලා මිනිස්සු කියනවා – ප්‍රසන්න රණතුංග
මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක්වත් මේ ආකාරයටම ඉදිරියට යමු යැයි ජනතාව පවසන නමුත් ව්‍යවස්ථානුකූලව එලෙස කටයුතු කළ නොහැකි බවැන් නියමිත කාලයේදී ජනාධිපතිවරණය පවත්වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
එහු මේ බව පවසා ඇත්තේ ඊයේ (08) මිනුවන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දෙවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී ඔහු මේ සම්බන්ධයෙන් පවසන්නේ,
“මිනිස්සු කියන්නේ මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක් මෙහෙමම යමු කියල. නමුත් ව්‍යවස්ථානුකූලව අපිට එහෙම වැඩ කරන්න බැහැ. ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියනවා. මේ ආර්ථික අර්බුධයෙන් රට ගොඩගත හැකි නායකයෙක් නැවත බලයට පත්කරන එක ජනතාවගේ වගකීමක් බව මා මතක් කරනවා.” යනුවෙනි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

