Latestක්‍රීඩාදේශීය

ලෝක කුසලානයට T 20 කණ්ඩායම නම්කෙරේ

ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයන්හි පැවැත්වෙන 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි.



ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක හා දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා. ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියට සහභාගීවී සිටින මතීෂ පතිරණ සහ නුවන් තුෂාර ද වේග පන්දුයවන්නන් ලෙස මෙම සංචිතයට ඇතුළත් කර තිබේ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඩී‘ කාණ්ඩය යටතේ තරග වදින අතර පලමු තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ජුනි 03 වැනිදා නිව්යෝක්හිදී පැවැත්වීමට නියමිතයි. බංග්ලාදේශය සමඟ ජුනි 08 වැනිදා ඩලස්හිදී මෙන්ම ජුනි 12 වැනිදා සහ ජුනි 17 වැනිදා යන දිනයන් හිදී පිළිවෙලින් නේපාලනය සහ නෙදර්ලන්තය සමඟ ද ශ්‍රී ලංකා පිළ තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම – වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ඩිල්ෂාන් මදුශංක.

අතිරේක – අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *