රනිල්ට දැඩි පීඩනයක් වූ පොහොට්ටුවේ නව මැතිවරණ ප්‍රචාරක කාර්යාලය
පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් කර ගන්නා ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත රාජපක්ෂලා එල්ල කරමින් තිබෙන පීඩනය තව දුරටත් ඉහළ දමමින් මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් (10) විවෘත කරනු ලැබීය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට අමතරව ආරාධිතයෙකු ලෙස ධම්මික පෙරෙරා පමණක් සහභාගී කර ගෙන තිබීම විශේෂත්වයකි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ කුමන හෝ මැතිවරණයකදී ජයග්‍රහණය කිරීමට නම් තම පක්ෂයේ සහයෝගය ලබා ගත යුතු බව රාජපක්ෂලා දිගටම ප්‍රචාරය කරමින් සිටී. මේ වනවිට බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා වට අවම වශයෙන් 6කට වැඩි ප්‍රමාණයක් පවත්වා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පැවැත්වීම කෙටි කාලයකට අත්හැර දමා තිබූ රාජපක්ෂ පවුල මේ වනවිට නව වටයකින් රනිල් වික්‍රමසිංහ වෙත පීඩනය එල්ල කරමින් පවති.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

