Latestදේශීය

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවකු ඉන්දියාවේදී අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කරුවකු බව කියන ඩබල් කැප් චූටි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියදී   ඔහු ගේ ගෝලයින් යැයි කියන දෙදෙනකු සමග එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තිදෙනා පංච පුද්ගල ඝාතනය ඩුබායි සිට මෙහෙයවූ බවට සැලකෙන කොස්ගොඩ සුජී නැමැත්තා ගේ ගෝලයින් බව ද ඉන්දියා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩබල් කැප් චූටි නැමැත්තා කොස්ගොඩ සුජී ගේ වෙඩික්කරුවකු බවද කියති.

මේ තිදෙනාගේ ඡායාරූපද සහිතව මෙම අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දියාවේ පුවත්පතක පළ වී තිබෙන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *