වතු කම්කරුවන්ට වැටුප් වැඩිකිරීමට ආන්ඩුව කළ යුතුව තිබුනේ කුමක්ද? විජිත හේරත් පවසයි
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වතු කම්කරුවන්ට 1700ක වැටුප් නියම කරමින් බොරු ගැසට් ගැසීම වතු හාම්පුතුන්ට උසාවි යන්නට සැදූ අවස්ථාවක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තටම වැඩි කළ යුතු නම් කළ යුතුව තිබෙන්නේ අවම වේතනය පිළිබඳව පාර්ලිමේන්තු පනතට වතු කම්කරු අවම වේතනය 1700 ක් බව සඳහන් කිරීම යැයි හේරත් මහතා කීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බව කියමින් ගැසට් ගැසුවත් ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වන්නේ නැතැයි ද හේරත් මහතා සඳහන් කළේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

