ඩොනල්ඩ් ලූ NPP නියෝජිතයෝ
ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා (13) Galle Face හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබේ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං සහභාගි වී ඇති අතර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගි වී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම, ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුකර තිබේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

