Latestදේශීය

රටේ ආර්ථිකය තවමත් පිහි තුඩක් මත – බන්දුල ගුණවර්ධන

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු එකිනෙකාට පරස්පර ප්‍රකාශ කරමින් සිටින අතර ඇමති බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙන්නේ එය තවමත් පිහි තලයක් මත පවතින බව ය.

“මෙරට ආර්ථිකය තවමත් ගමන් කරනුයේ පිහි තලයක් මත වන අතර එහි වැරදියට අඩිය තැබුවහොත් කකුල් තුවාල වී ඉතිරි නොවන” බව ප්‍රකාශ කර තිබේ. ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ ඩොලර් මිලියන 3,655ක සහන ණය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය.

මෙම තත්වය තුළ ජනතාවට බොරු ප්‍රකාශ කරමින් කටයුතු කරනවාට වඩා පවතින ඇත්ත තත්වය ප්‍රකාශ කළ යුතු බව අවධාරණය කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ලබාදීමට පසුගිය දා අනුමැතිය ලබාදුන්නේ රට ස්ථාවර තත්ත්වයකට පත්ව ආර්ථිකය සුඛිතමුදිත වී ඇති නිසාදැයි සමාජ දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රශ්ණ කරන අතර ජනතාවට පටි තදකරගන්න කියමින් පාලකයින් සැප විදීම ජනතාව කිසිසේත්ම අනුමත නොකර බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *