චමරි පිරිමි 20/20 කණ්ඩායමට
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි විස්සයි විස්ස කණ්ඩායමට කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් කල හැකිදැයි තමන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගෙන් විමසු බව ක්‍රීඩා ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
පිරිමි කණ්ඩායමට වඩා චමරි අතපත්තු දස්කම් දක්වන බවත් ඇයගේ ප්‍රහාරාත්මක වේගය ඔවුනට වඩා ඉහළ බවටත් එනිසා ඇය ජාතික කණ්ඩායමට ඇතුළත් කළ යුතු බවට සමාජ ජාල වල ඇතැමුන් මත පළ කිරිමත් සමග තමන් එම විමසීම සිදු කළ බවද හෙතෙම කියා සිටියේය.
කොළඹදී පැවති උත්සව අවස්ථාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගන්නා ලෙසත් අවශ්‍ය ගැටලු සම්බන්ධයෙන් තමන් හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කරන නිසා ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් චමරි අතපත්තුගෙන් ඉල්ලීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

