Latestදේශීය

සජබ රණවිරු බලවේගය ෆොන්සේකාගෙන් මහේෂ්ට

සමගි ජන බලවේගයේ සභාපති ෆීඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබූ සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර ඇත.

ඒ හිටපු හමුදාපති මහේෂ් සේනානායක සජිත් ප්‍රේමදාසගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වීමේ ප්‍රතිඋපකාරයක් ලෙසය.

මහේෂ් සේනානායක පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනතා පක්ෂයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අතර එහිදී ඔහු ඡන්ද 49,655ක් ලබා ගන්නා ලදී. එම ජනාධිපතිවරණයෙන් පසු ඔහු රට හැර ගියේය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *