Latestදේශීය

සජිත්ගේ දිනය අනුර බාරගනී – විවාදය ස්තීරයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජුනි 06 ලබා දී තිබේ.

ඒ අනුව අදාළ විවාදය ජුනි මස 06 වනදා පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 06 දිනය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක භාරගත් බවය.

සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *