Latestදේශීය

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියෙක් මියයයි – දියණියට තුවාලයි

(සුමිත් පොතුපිටිය)

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නමැති (38) හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා කටුකුන්ද දුම්රිය පොළ පාරේ පදිංචි නිවසෙහි දරු තිදෙනා සමග රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිට ඇති බවත්,යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිව ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇති පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයකු බවද පොලිසිය සදහන් කරයි.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරී නිලධාරින්, කළුතර අපරාධ කොට්ටාශය , කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, කළුතර පයාගල බේරුවල ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් සහ විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වති.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *