අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සටන් පෙරමුණ
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොදැක්වීමට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයද පෙළ ගැසී සිටී.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොදැක්වීමට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයද පෙළ ගැසී සිටී.
ඊයේ (22) මාධ්‍ය හමුවක් පවත්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කර සිටින්නේ සමස්ත නිදහස් අධ්‍යාපනයම රැක ගැනීමේ අරගලයේ කොටසක් ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනාම පෙළ ගැසිය යුතු බවය. මැතිවරණයක් පැවැත්වීමට ආසන්නයේ තිබියදී ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරයට බාධාවන ආකාරයේ සහ නිදහස් අධ්‍යාපනය මුදලාලිකරණයට බාධා වන ආකාරයේ කිසිවක් සිදු නොකරන තත්වයක් පාලකයන් අනුගමනය කරන බවද පෙන්වා දෙනු ලැබීය.
මෙම තත්වය තුළ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ සන්නාමය වන රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුණාත්මක තත්වය රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ අලුකුත්තේරුකම් මධ්‍යයේ වුවද උපරිම කැපවීමෙන් ක්‍රියා කරන බව ආචාර්ය සමිති සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.