Latestදේශීය

කාන්තාවන් සංවිධානය කිරීම තුළ බැසිල් නාමල් ගැටුම උග්‍ර වෙයි

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ කාන්තා සමූහ ගොඩ නැගීමට බැසිල් රාජපක්ෂ තදින් දෝෂාරෝපණ එල්ල කර ඇති බව වාර්තා වේ.

ලබන පොසොන් පොහොය ඉලක්ක කර ගනිමින් උපාසිකාවන් විශාල පිරිසක් අනුරාධපුරයේ සිල් සමාදම් කරවීමේ ආගමික මුහුණුවරකින් මෙම කාන්තා සංවිධාන ගොඩ නැගීමට සැලසුම් කර තිබී ඇත. ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දක්වා ඇති බැසිල් රාජපක්ෂ මේ වනවිටත් පොහොට්ටුවේ දේශපාලන කටයුතු සඳහා බුද්ධාගම යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ පිළිකුලක් පවතින බැවින් එය අත්හැර දමන ලෙස අවධාරණය කර තිබේ.

එහෙත්, නාමල් රාජපක්ෂගේ අදහස් වී ඇත්තේ පසුගිය මැතිවරණවලදී පොහොට්ටු පක්ෂයට තිබූ විශාල කාන්තා ආකාර්ශණයෙන් උපරිම කොටසක් හෝ නැවත අත්පත් කර ගත යුතු බව ය. ඒ වෙනුවෙන් සීල සමාදාන ව්‍යාපාරය නොගැලපෙන්නේ නම් විකල්පයක් යෝජනා කරන ලෙස බැසිල් රාජපක්ෂට අභියෝග කළ බව වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *