වෙසක් පොහොය දිනය අදයි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(23) යෙදී තිබේ.
බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයයි.
විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් පෝ දිනකය.
ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

