Latestවිදේශීය

ඊශ්‍රායල් වරායට ඉරාක සටන්කාමීන්ගෙන් ප්‍රහාර

පලස්තීන සීමාවේ පිහිටි ඊශ්‍රායලයට අයත් අයිලට් වරායට ඉරාකයේ ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රතු මුහුදේ පිහිටි ඊශ්‍රායලයට අයත් එකම වරාය වන අයිලට් වරායට පෙරේදා එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහාය පළ කිරීමට බව එම සංවිධානය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

ජෙරුසලමේ පිහිටි අල් අක්සා ඉස්ලාම් දේවස්ථානයේ බැතිමතුන්ට ඊශ්‍රායල පොලිසිය සහ හමුදාව විසින් වරින් වර සිදුකරනු ලබන බව කියන පහරදීම්වලට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මේ දක්වා අවස්ථා ගණනාවකදීම අයිලට් වරායට ප්‍රහාර එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන යුද ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් යේමනයේ හුති කැරැලිකරුවන් සහ ඉරාකයේ ඉස්ලාමීය සටන්කාමීන් එම ප්‍රහාර එල්ල කළ බව වාර්තාවේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *