Latestදේශීය

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට බිලිවන ඔබේ දරුවාගේ අනාගතය – හරිනි අමරසූරිය

රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය මේ වනවිට ඉදිරිපත් කර තිබෙන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉතාමත් භයානක අන්තර්ගතයකින් යුතු කෙටුම්පතක් බවට ප්‍රබල අනතුරු ඇඟවීමක් කර තිබේ.

“ආණ්ඩුවේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට බිලිවන ඔබේ දරුවාගේ අනාගතය“ යන තේමාවෙන් ජාතික විද්වත් සංවිධානය විසින් කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන ලද විවෘත සම්මන්ත්‍රණයකදී මෙම අනතුරු ඇඟවීම කරනු ලැබීය. මේ තුළ අන්තර්ගතව පවතින භයානක බව නිසාම එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව එම සම්මන්ත්‍රණය අමතමින් ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය දිලීප විතාරණ, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය එම සම්මන්ත්‍රණය අමතා කරුණු දැක්වීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *