Latestදේශීය

අදත් උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අවලංගු කෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය හා රාත්‍රියේ ගමන් ආරම්භවීමට නියමිත විශේෂ දුම්රිය ධාවනය  අද (25) දින අවලංගු කර තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජී. ඉඳිපොළගේ මහතා සඳහන් කර තිබේ.

දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීම් ස්ථාන 20කින් පමණ වාර්තා වී ඇති බවත් දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදි දැඩි ගැටලුවක් වී ඇති බවත් එම මහතා ප්‍රකාශ කර තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් නානුඔයෙන් එහා ප්‍රදේශවලට විදුලි බිඳ වැටීම් දැඩිව බලපා ඇති අතර විදුලිය බිඳවැටීම් හේතුවෙන් සංඥා ක්‍රියාත්මක නොවීම මත දුම්රිය හරස් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියදුරන් වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම්දෙයි.

කිසිදු සංඥාවක් නොමැති හෝ රතු සංඥාව පමණක් සහිතව විදුලි සීනු දිගටම නාද වෙන අවස්ථාවක් තිබේ නම් ඉතාමත් කල්පනාකාරීව දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන ලෙස වැඩිදුරටත් රියදුරන්ට දැනුම්දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *