Anhalt 2024 මීටර 100 රන් ශූරතාවය යුපුන්ට
ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.
අවසන් තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.35 ට පැවැත්වුනු අතර යුපුන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරද්දී දෙවන සහ තෙවන ස්ථාන වාර්තා කළ කාලය වන්නේ පිළිවෙලින් තත්පර 10.17ක් සහ 10.21කි.
පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටයේ තරඟය ( Heat) ජය ගනිමින් යුපුන් මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තත්පර 10.15ක කාලයක් වාර්තා කරමින්ය.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස යුපුන් අබේකෝන් සැලකේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

