Latestදේශීය

කෝටි 50ක අම්බර් සමග බේරුවල ධීවරයෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)
රුපියල් කෝටි පනහක් පමණ වටිනා අම්බර (දුර්ලභ තල්මසුන්ගේ වමනය ) කිලෝග්‍රෑම් තිහක් සමග බේරුවල කරදගොඩ ප්‍රදේශයේ ධීවරයකු  අද (26) අලුයම  අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

ධීවර වෘත්තීයේ නියුතු 43 හැවිරිදි විවාහක පුද්ගලයකු වන ඔහුගේ නිවෙසේ මෙම අම්බර තොගය සඟවා  තිබියදී මෙසේ අත්අඩංගුවට  ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම අම්බර තොගයේ සාම්පලයක්  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නාරා ආයතනයට ලබාදීමට නියමිතය.
සැකකරු අද (27) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතව සිටී.

බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත  මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස්   සැරයන් විජේසූරිය, (43341)පොලිස් කොස්තාපල් වරුන් වන අලුත්ගම(101512) අතාවුද (102945)  යන නිලධාරීහු  වැටලීම කළහ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *