රනිල් ව්‍යාපෘතියට සීතා යයි – පොහොට්ටුව යහම්පත් කැඳවයි
මේ වනවිට ගොඩ නැගීමට උත්සාහ කරන දේශපාලන සන්ධානයක කාන්තා අඩුව පිරවීම සඳහා අනුරාධා යහම්පත් යොදා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව අනාවරණය වේ.
ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ම අදාළ දේශපාලන සන්ධානය ගොඩ නැගීමට ක්‍රියාකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විජේදාස රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කිරීමෙන් පසුව පිහිටුවීමට යන සන්ධානයේ කටයුතු වේගවත් කර ඇතැයි හෙළිවේ.

රාජ්‍ය ඇමති විශේඥ වෛද්‍ය සීතා අරඹේපොල ඍජුව ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තාවීමත් සමඟ දැඩි රාජපක්ෂවාදීනියක වන අනුරාධා යහම්පත් නව සන්ධානය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කර ගැනීමට සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

