Latestදේශීය

ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලයි – සජබ සාකච්ඡා බිඳ වැටේ

සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා හා තිස්ස අත්තනායක මහත්වරුන් අතර පැවති සාකච්ඡා බිඳ වැටී ඇති බව වාර්තා වෙයි.

ඒ ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලබා දෙන ෆොන්සේකා මහතා ඉල්ලා සිටීම හේතුවෙනි.

ෆොන්සේකා හා සමගි ජන බලවේගය පක්ෂය අතර පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පත් කර තිබිණි.

ඒ අනුව මෙම සාකච්ඡා පැවැත්වී ඇති අතර ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටීම හේතුවෙන් සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *