Latestදේශීය

වෛද්‍ය සැපයුම් නිර්දේශ 47 ක් වසර 6ක්ම හමස් පෙට්ටියේ

(ජේ.ඉඳුරුවගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්  වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය  විධිමත් කිරීම සඳහා  2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක්  වසර හයකට වඩා කාලයක්  ගතවුවද තවමත් ක්‍රියාත්මක කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම ක්‍රියාවලිය හා   අදාලවන වෛද්‍ය සැපයුම් අංශය ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ අධිකාරිය පිළිබඳව නොබෝදා නිකුත් කළ විශේෂ විගණන වාර්ථාව මගින් මේ බව අනාවරණය කර තිබේ.

මේ අනුව 2018 දී එවකට විගණකාධිපති එච්.එම්.ගාමිනී විජේසිංහ මහතා විසින් මෙකී ආයතන සම්බන්ධයෙන් වූ  විගණනයේදී හෙලිවූ දුර්වලතා මගහැර  ප්‍රමිතියෙන් යුත්  වෛද්‍ය සැපයීම් අවම මිලකට ගෙන බෙදා හැරීම විධිමත් කිරීම සඳහා නිර්දේශ 47 ක් ඉදිරිපත් කර තිබිණි .

එම නිර්දේශ කඩිනමින්  ක්‍රියාත්මක   කිරීමටත්  හා මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට   ප්‍රමාණවත්  ක්‍රියාමාර්ග නොගත් තැනැත්තන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් මේ පිළිබඳව  තවත් නව නිර්දේශ 19 ක් ඉදිරිපත් කරමින් වත්මන් විගණකාධිපති ඩබ්ලිව් .පී.සී.වික්‍රමරත්න මහතා නොබෝදා  නිකුත් කළ ව්ගණන වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?