Latestදේශීය

ගාළුමුවදොර පිටියේ අනවසර සැනකෙළියක් – තහනම නොතකා 4වන දිනයටත් ක්‍රියාත්මකයි

අනවසර කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් ගාලු මුවදොර පිටියේ සැණකෙළියක් පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

වරාය අධිකාරිය විසින් පාලනය වන ගාලු මුවදොර පිටිය ආගමික කටයුත්තක් හැර වෙනත් කිසිදු උත්සව සංවිධානය කිරීමක් සඳහා නොදීමට තීරණය කර තිබියදී මෙම සැණකෙළිය පැවැත්වෙයි.

එය වහාම නවත්වන ලෙස වරාය අධිකාරිය විසින් එහි සංවිධායකවරුන්ට දැනුම් දී ඇතත් ඒ කිසිවක් ගනන් නොගෙන සැණකෙලිය බලහත්කාරයෙන් පවත්වාගෙන යමින් ඇතැයි ද වාර්තා වෙයි.

පසුගිය 23 වන බ්‍රහස්පතින්දා එය ආරම්භ කර ඇති අතර ඊයේ සිවුවැනි දිනයටත් එය පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට වරාය අධිකාරිය කටයුතු කරමින් ඇත.

ගාලු මුවදොර පැවති අරගලයෙන් පසු එම පිටිය ආගමික කටයුත්තට හැර වෙනත් කිසිදු කටයුත්තකට ලබා නොදීමට රජය තීරණයක් ගෙන තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *