Latestදේශීය

සජබ සංවිධායක දිස්ත්‍රික්කය පුරා අරක්කු බෙදමින් ඇවිදිනවා – සරත් ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලනය කරද්දී තිබූ ගෞරවය අභිමානය දැන් සමගි ජන බලවේගය සමග දේශපාලනය කරද්දී දකින්නට නැති බව සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

අද ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පත්කර ඇති පුද්ගලයකුත් දිස්ත්‍රික්කය පුරාම අරක්කු බෙදමින් ඇවිදින බවටද ඔහු චෝදනා කරයි.

ඒ ආකාරයේ දේවල් සිදුවෙන විට පක්ෂයේ කඩා වැටීම නැවැත්විය නොහැකි බවද හෙතෙම කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *