ඩිස්නි චිත්‍රපට ගීතයෙන් රසවත් කළ රිචඩ් එම් ෂර්මන් මියයයි
ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කළ රිචඩ් එම් ෂර්මන් (Richard M Sherman) අභාවප්‍රාප්ත වෙයි.
මිය යනවිට ඔහු 95 වැනි වියේ පසුවිය. බෙවර්ලි හිල්ස්හිදී ඔහු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු රෝබට් ෂර්මන්ගේ සහෝදරයා වේ.
මෙම දෙදෙනා එක්ව ඩිස්නි හි ගීත 150 කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබෙන අතර Jungle Book චිත්‍රපටයේ Trust in Me ගීතය සහ Chitty Chitty Bang Bang චිත්‍රපටයේ Truly Scrumptious ගීතය වඩාත් ජනප්‍රිය වුණි.
1965 දී ඔස්කාර් සම්මාන දෙකක් ද ග්‍රැමී සම්මාන තුනක් ද මෙම දෙදෙනා දිනා ගත්තේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

