Latestදේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් 3දෙනෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කිලිනොච්චි ආනන්දපුරම්  නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිට  විවේකය ලබා සිටි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.

ඉහත නිවසේ  සැකකටයුතු පුද්ගලයින් පිරිසක්  රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රියේ නිවස වටලා සෝදිසි කර තිබේ.

එහිදී  එහි සිටි  එක් පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2100 ක් සහ ඩ්ජිටල් තරාදියක්  සමග අත්අඩංගුවට ගත් බව පොලිසියේ සඳහන් කරයි. 

එම නිවසේ තවත් සිව් දෙනකු සිට ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ අතර මෙම උප පොලිස් පරීක්ෂකවරයාද සිටි බව පොලිසිය සඳහන් කරයි. 

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *