අමුණුගම දිලිත්ගෙන් ඉවත්වීමට හේතුව
විශේෂයෙන් ම නව සමාජ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව විශ්ලේෂණාත්මව කරුණු ඉදිරිපත් කරන ආචාර්ය සරත් අමුණුගම අලුතින් පිහිටුවා ගන්නා ලද සර්වජන බලය නම් සන්ධානයෙන් ඉල්ලා අස්වී ඇත.
එම සන්ධානය පිහිටුවීම පිළිබඳ ගිවිසුම් අත්සන් කර පැය 48ක් ගත වීමටත් පෙර අභ්‍යන්තර විරෝධතා නිසා ඉල්ලා අස්වීම විශේෂත්වයකි. හිටපු මුදල් නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන් ම, රාජ්‍යතාන්ත්‍රිකයෙකු ද වන සරත් අමුණුගම ඉල්ලා අස්වීමට පදනම වී තිබෙන්නේ අන්තවාදී කොටස් සමඟ නව සන්ධානය ගිවිසුම් අත්සන් කිරීම ය.
එම ඉල්ලා අස්වීමට හේතුව වී ඇත්තේ විමල් වීරවංස සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස සමඟ ගිවිසුම් අත්සන් කිරීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

