‘රැජින මේරි’ බහුදින යාත්‍රාව සමඟ ධීවරයෝ 6ක් අතුරුදන්
වෙන්නප්පුව වෙල්ලමන්කරය ධීවර වරායෙන් මුහුදු ගිය රැජින මේරි බහුධින ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනෙකු සමඟ අතුරුදන් වී ඇති බව එහි හිමිකරු ඩබ්ලිව්.පී. වාස් මහතා ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසුගිය මාර්තු මස 26 වැනි දිනය.ඔවුන් මේ අනතුරට මුහුණ පා ඇත්තේ මේ මස 23වැනි දිනය.මේ මස 16 වැනි දින මුල් වරට මේ යාත්‍රාවේ නියමුවා යාත්‍රාවේ හිමිකරුට දැනුම් දී ඇත්තේ යාත්‍රාවේ සියලු බැටරි ක්‍රියා විරහිත බවයි. ඒ අනුව වෙනත් යාත්රාවකින් බැටරියක් ලබාගෙන මේ මස 23 වැනි දින දක්වා ගොඩබිම සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර 23වැනි දින සිට එම සම්බන්ධතා ද නැවතී තිබේ.
අතුරුදන් වූ යාත්‍රාවේ සිටි ධීවරයන් මාරවිල,තොඩුවාව හා මහවැව ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

