ආන්ඩුවෙන් ඉවත් වෙනවා – කාරියවසම් රනිල්ට අභියෝග කරයි
මහමැතිවරණය හා ජනාධිපතිවරණය කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍යය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
රංගෙ බණ්ඩාර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයේ වගකීම පිළිගන්නේ නැතිනම් ජනාධිපතිවරයා ඒ පිළිබඳව රටට ප්‍රකාශයක් කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
ජනාධිපතිවරයා නොව කවුරුන්වත් රටට අහිතකර දෙයක් සිදුකරනවා නම් පක්ෂයක් ලෙස සැමදාම විරුද්ධත්වය පළ කරන බවද පැවසූ ඔහු වැරදි දෙයක් සිදු කළහොත් අනිවාර්යෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බවද තවදුරටත් කියා සිටියේය.
තම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වූයේ නියමිත කාලයට පෙර මහ මැතිවරණය පැවැත්වීම මිස මැතිවරණ කිසිවක් කල් දැමීම නොවන බවද හෙතෙම එහිදී පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

