උෂ්ණත්වය දරාගැනීමට නොහැකිව ඉන්දියාවේ 15ක් මියයයි
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ වන විට අවසන් වූ පැය 24ක කාලසීමාවේදී පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔඩීෂා පළාතේ පමණක් මරණ 10ක් වාර්තා වන බවත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසුකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
නවදිල්ලිය, බිහාර්, රාජස්තාන් සහ ජාර්කන්ඩ් පළාත්වලින් ද මරණ වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඔඩීෂා පළාතේ රෝහලට තවත් පුද්ගලයන් 30-40 අතර ප්‍රමාණයක් ඇතුළත් කර ඇති අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට හෘදයාබාධ වැලඳී ඇතැයි ද වාර්තා වේ.
පසුගියදා නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 52.3ක අගයක් ගෙන තිබූ අතර, නගරයේ බොහෝ ප්‍රදේශවලට දැඩි අවදානම්සහගත උෂ්ණත්වයක් පැවැති බව එරට කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කළේය. අධික උෂ්ණත්වය හේතුවෙන් වායුසමීකරණ නොමැතිව නඩු විභාග සිදු කළ නොහැකි බව කියමින් නවදිල්ලි නුවර අධිකරණයක විනිසුරුවරයකු නඩු වාරය නවතා දැමූ බව ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

