ක්‍රීඩාදේශීය

දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අර්යලන්ත කණ්ඩායමට එරෙහිව ඇමරිකාවේ ලොන්ඩහිල් හිදී පැවැත්වුණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් අර්යලන්තය පරදා මෙම තරඟය ජය ගැනීමට සමත් විය.

තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8ට ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනාගත් අර්යලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිමට ලකුණු 164 ඉලක්කයක් සහිතව පිටියට පිවිසි අර්යලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 122 ක් පමණි.

නෙදර්ලන්තය සමඟ පසුගිය දා පැවති පළමු පුහුණු තරගයේදී ලකුණු 20 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ඩි කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *