Latestවිදේශීය

මෝදිගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සෙනසුරාදා

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෝදී ගේ නායකත්වයෙන් යුතු සන්ධානය ආසන 543ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 293ක් දිනාගෙන තිබුණි. ඉන් ආසන 240ක් ම දිනාගෙන ඇත්තේ මෝදී ගේ භාරතීය ජනතා පක්ෂය යි.

දෙවතාවක් ඉන්දියාවේ අගමැති ලෙස කටයුතු කළ නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා අගමැති ලෙස දිවුරුම් දෙනු ලබන්නේ තෙවන වතාවටයි. ‌

ඔහුගේ නව කැබිනට් මණ්ඩලය ද එහිදී දිවුරුම් දීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *